ලෝක සාම පාගමන ශ්‍රී ලංකාවට පිළිගැනීම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ රජයට මෙන්ම සහය දැක්වු සියලුදෙනාට සිය ස්තූතිය පළ කරන බව පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ පවසති.
අත්තනගල්ල රජමහා විහාරයේ දී ලෝක සාම පා ගමන පිළිබඳව අද (21) පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
තවද මෙය හුදෙක් සාමය උදෙසා සිදු කරන පා ගමනක් පමණක් බව අවධාරණය කළ උන්වහන්සේ ලෝකවාසී සියලු දෙනාට සාමය වෙනුවෙන් එක් වන ලෙස එහිදී උන්වහන්සේ ඉල්ලීමක් කළහ.
වර්ෂ 2025 ඔක්තෝබර් මාසයේ ආරම්භ කළ මෙම සාම ගමනට මේ වන විට මාස 6 ක් ගතවී ඇති බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.
තවද සාමය ප්‍රථමයෙන් ඇති කර ගත යුත්තේ තමා තුළින් බව පෙන්වා දුන් උන්වහන්සේ මෙම සාම පා ගමන සාමය ඇති කිරීම වෙනුවෙන් සිදු කෙරෙන පුහුණුවක් බවත් වැඩිදුරටත් සඳහන් කළහ.
