සාමයේ පා ගමන අද මහනුවරට
සාමයේ පණිවිඩය රැගත් සාම පාගමනේ දෙවැනි දිනය අද (23) පෙරවරුවේ මාතලේ අළුවිහාරයෙන් ගමන් ආරම්භ කළේය.
පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රධාන සෙසු භික්ෂූන් වහන්සේලා ඊයේ දඹුල්ල රජමහා විහාරයෙන් සාම පා ගමන ආරම්භ කළ අතර පස්වරුවේ මාතලේ අළුවිහාරයට පැමිණියහ.
ඒ අනුව අද මහනුවර චන්දානන්ද විද්‍යාලයට පැමිණෙන උන්වහන්සේලා මහනායක ස්වාමීන් වහන්සේලා , අනුනායක ස්වාමීන්වහන්සේලා , කාරක සංඝ සභාව මුණ ගැසීමෙන් අනතුරුව සවස දළදා මාළිගාව වැඳපුදා ගැනීමට නියමිත අතර රාත්‍රිය ගත කරන්නේ මහනුවර මල්වතු මහාවිහාරයේ ය.
ඉන් අනතුරුව 24 වැනි දින දළදා මාළිගාව අභියසින් ගමන් ආරම්භ කෙරෙන පාගමන අවසන් වන්නේ මාවනැල්ල බෙලිගම්මන රජමහා විහාරයෙනි.
අනතුරුව 25 වැනි දින කෑගල්ලට වැඩම කෙරෙන ස්වාමීන් වහන්සේලා තණ්ඩායම 26 වැනි දින කජුගම හරහා යක්කලට වැඩම කරන අතර 27වැනි දින මහර හරහා කැලණිය රාජමහා විහාරස්ථානයට වැඩම කිරීමට නියමිත වේ.
එසේම කැලණිය රජමහා විහාරස්ථානයෙන් 28 වැනි දින ගමන් ආරම්භ කෙරෙන පාගමන එදින සවස කොළඹ නිදහස් චතුරස්‍රය වෙත ළඟා වන අතර ජාතික උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත වේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
