සාමකාමී අරගලය තමන් පිළි ගන්නා බවත් ත්රස්තවාදයට හා ප්‍රචණ්ඩත්වයට ඉඩ නොදෙන බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
තමන් අරගලකරුවන් ඉලක්ක කර ගනිමින් කටයුතු කරන බවට සාමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාර යන බවත් එය සත්‍යයක් නොවන බවත් ඔහු පැවැසීය.
තමන් සෑම විටම සාමකාමී අරගලකරුවන් වෙනුවෙන් පෙනී සිටින බවත් ඔවුන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත් ඒ වෙනුවෙන් වෙනමම කාර්යාංශයක් පිහිටුවන බවත් ඔහු පැවැසීය.
මේ සඳහා විශ්‍රාමික විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කරන බවත් ජනපතිවරයා පැවැසීය. නීතිවිරෝධි හා ප්‍රචණ්ඩත්වයෙන් කටයුතු කළ අයට නීතිය අනුව කටයුතු කරන බවත් ජනපතිවරයා පැවැසීය.
මෙම ක්‍රියාවලියට කිසිම දේශපාලන බලපෑමක් ඇති නොවිමට වග බලා ගන්නා බවත් ජනපතිවරයා පැවැසීය.