සාමකාමී බල හුවමාරුවක් සඳහා දේශපාලන නායකයන්ට ඉඩ සලසන ලෙසත් අත්පත් කරගෙන ඇති පරිශ්‍රවලින් ඉවත්ව අදාළ අංශ වෙත එම ආයතන වහාම භාරදෙන ලෙසත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් අරගලකරුවන්ගෙන් ඉල්ලා සිටී.
ශ්‍රී ලංකා නීතීඥ සංගමය වැඩිදුරටත් පවසන්නේ සාමකාමී උද්ඝෝෂණ අනුමත කරන නමුත් නීතිවිරෝධී සහ ව්‍යවස්ථා විරෝධී තත්ත්වයන් ඇතිකිරීම සඳහා කිසිසේත්ම තම සංගමය සහාය නොදෙන බවය.