2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පංති, දේශන, සම්මන්ත්රණ සහ වැඩමුළු පැවැත්වීම අද (11) මධ්‍යම රාත්‍රීයේ සිට තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, බෙදාහැරීම හෝ විභාග ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා ඇතුළු ප්‍රචාරණ කටයුතු විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් සිදු කිරීම සහ එවැනි දෑ ළඟ තබා ගැනීමද සපුරා තහනම් වේ.
අදාළ නීති උල්ලංඝනය කරන පුද්ගලයන් හෝ ආයතන පිළිබඳ ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙසද විභාග දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.