මෙම වසරේ සාමාන්‍ය පෙළ විභාගය නොපවත්වා එම සිසුන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්දේශය අනුව උසස් පෙළ කිරීමට ලබාදෙන ලෙස යෝජනාවක් ඉදිරිපත් කරන බව ස්වාධීන වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
විභාග පැවැත්වීම සහ උත්තර පත්‍ර පරීක්ෂාව සම්බන්ධයෙන් අද (25දා)පාර්ලිමේන්තුවේ ඇති වූ විවාදයක් අතරතුර අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මෙම ක්රියාමාර්ගයඑක්වරම ගතනොහැකි බවත්, මෙම වසර තුළ කෙසේ හෝ උසස් පෙළ විභාග දෙක පවත්වා, එළඹෙන වසරේ සාමාන්‍ය පෙළ විභාග දෙකක් පවත්වා මෙම කාලසටහන යථා තත්ත්වයට ගැනීමට කටයුතු කරන බව ඊට පිළිතුරු ලබාදෙමින්අධ්යාපනඅමාත්යසභානායක සුසිල් ප්‍රේමජයන්ත් පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම -විශේෂයෙන් ගුරුවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් රාක්ෂයන් ලෙස හඳුන්වන්නේ නැතිව කටයුතු කරන්න. මම යෝජනාවක් කරන්න කැමතියි. ලක්ෂ 06ට වැඩිය සාමාන්‍ය පෙළ සිසුන් හිරවෙලා ඉන්නවා විභාගයට මුහුණ දෙන්න බැරිව. ඇයි ඇමතිතුමා අපට බැරි එක වර්ෂයක සාමාන්‍ය පෙළ විභාගය නොපවත්වා සියලු දරුවන්ට විභාග දෙපාර්තමේන්තුවේ සහතිකයක් දුන්නොත් උසස්පෙළ හැදෑරීම සඳහා සියලු සුදුසුකම් සපුරා තියෙනවා කියලා.
මම හිතනවා ඒක දරුවන්ට අසාධාරණයක් සිදුවෙන්නේ නෑ. මොකද සාමාන්‍ය පෙළවලින් යන්න පුළුවන් රස්සාවක් නෑ. ඒ නිසා නැවත වතාවක් අපට අගෝස්තු මාසයේ උසස්පෙළ තියන්නත්, දෙසැම්බර් මාසයේ සාමාන්‍ය පෙළ තියන්නත් පුළුවන්කමක් ලැබෙයි.
අධ්‍යාපන අමාත්‍ය සභානායක සුසිල් ප්‍රේමජයන්ත් - ඔබතුමත් හිටපු අධ්‍යාපන ඇමතිවරයෙක්. අපේ රටේ තාමත් තියෙන්නේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයක්. ඒ නිසා තමයි අපි උත්සාහ කරන්නේ, මේ ක්රමයේ වෙනසක් ඇති කරලා ප්‍රමිතිය ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව ගෙන එන්න. ඒක හිතන තරම් ලේසි නෑ. ඒ වගේම ආකල්පමය වෙනස්කම් කරන්න සිදුවෙනවා. ඒ නිසා අපට ඒක එකවර කරන්න බෑ.
අපි උත්සාහ කළේ, මේ අවුරුද්දේ කෙසේ හෝ උසස් පෙළ විභාග දෙකම පවත්වලා, ලබන අවුරුද්දේ පෙබරවාරි වනවිට සාමාන්‍ය පෙළ විභාගය තිබුණා නම් 2024 අවුරුද්දේ අග වනවිට නැවත සාමාන්‍ය පෙළ විභාගය පවත්වන්න පුළුවන් වෙනවා. විභාග කාලසටහනයි, වාර කාලසටහනයි දෙකම එකට යන්නේ. විභාග කාලසටහන වෙනස් වෙනකොට, වාර සටහනත් වෙනස් වෙනවා. ඒ අනුව මේ වනවිට සියලු කටයුතු සූදානම් කරගෙන යනවා සාමාන්‍ය පෙළ විභාගය 29වැනිදා පවත්වන්න.