2025 සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකි බවය.
ප්‍රතිඵල සම්බන්ධයෙන් යම්කිසි විමසීමක් වේ නම් ඒ සඳහා '1911' යන ක්ෂණික ඇමතුම් අංකය හෝ 0112 784208, 0112-784537 හා 0112-785922 යන අංක ඇමතීමෙන් විමසිය හැක.