සමාන්‍ය පෙළ විභාගයට අදාළව දිවයිනම ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත්, සෑම විභාග මධ්‍යස්ථානයකටම පොලිස් අවි සහිත සැරයන්වරයෙකු හා කොස්තාපල්වරුන් දෙදෙනෙකු බැගින් යොදවන බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මීට අමතරව ජංගම පොලිස් සංචාර, යතුරුපැදි සංචාර සිදුකරමින්ද අයදුම්කරුවන්ට අවශ්‍ය ආරක්ෂාව සේම ප්‍රශ්න පත්‍ර සහ උත්තර පත්රවලට ආරක්ෂාව ලබාදෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.
හෙට (23දා) සිට එළඹෙන මස 01 වැනිදා දක්වා පැවත්වෙන සමාන්‍ය පෙළ විභාගය මධ්‍යස්ථාන 3844කදී පැවැත්වෙන අතර, මීට අමතරව සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542ක් සහ ප්‍රාදේශිය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 73ක් ස්ථාපිත කර තිබෙන බවත්, මෙම සියලුම මධ්‍යස්ථාන සඳහා අවි සහිත පොලිස් නිලධාරීන් යොදවා තිබෙන බවත් ඔහු පවසා සිටියේය.
මීට අමතරව රහස්‍ය ලේඛන ප්‍රවාහනය කිරීමේදී ඊට ආක්ෂාව ලබාදීම සඳහා පොලිස් නිලධාරීන් 378 දෙනෙකුඅනුයුක්ත කර තිබෙන බවත්, විභාග දෙපාර්තමේන්තුව තුළද පොලිස් මුරපොළක් ස්ථාපිතකර තිබෙනබවත් හෙතෙමසඳහන් කළේය.