ශ්‍රී ලංකා ඛනිජ තෙල් නිතීගත සංස්ථවේ අවශ්‍යතා අනුව සාධාරණ මිල ගණන් යටතේ ඉන්ධන ලබාදිය හැකි අයගෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය යෝජනා කැඳවා තිබේ.
මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වන අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසන්නේ එම නිෂ්පාදන සැපයිය හැකි අයට යෝජනා තම අමාත්‍යාංශයට හෝ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත යොමුකරන ලෙසයි. එවැනි යෝජනා පැය 48ක් තුළ ඇගයීම් කරන බවද අමාත්‍යවරයා පවසයි.
එසේම මීට සති තුනකට පෙර ශ්‍රී ලංකාවට පෙට්‍රෝලියම් නිෂ්පාදන සැපයිය හැකි අයට තම යෝජනා ඉදිරිපත් කරන ලෙස දන්වමින් දැන්වීම පළ කළ බවත් ඒ අනුව ලැබුණ යෝජනා 67ක් අතරින් 39ක් තෝරාගෙන ඇති බවත් අමාත්‍යවරයා පවසයි.
ඔවුන් සමග ඊයේ රාත්‍රි යේ සාකච්චා කළ බවත් ඒ සඳහා ගෙවිම් කළ හැකි ආකාරය ඛනිජ තෙල් නිතිගත සංස්ථාවේ අවශ්‍යතා මෙන්ම ඔවුන් ඉදිරිපත් කළ සියලුම ප්‍රශ්නවලට පිළිතුරු දුන් බවත් අමාත්‍යවරයා කියයි.
එසේම තෙල් නිෂ්පාදනය කරන සියලුම රටවලින් ණය පහසුකම් යටතේ ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් ජනපති, අගමැති මෙන්ම බලශක්ති අමාත්‍යාංශය ඉල්ලීම් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.