හිරණ පොලිස් වසමේ බටහිර මාලමුල්ල ප්ර දේශයේ නිවසක පැවැති සාදයක් අතරතුළදී එම නිවසට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් විසින් සිදු කවෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් අයෙක් මියගොස් තිබේ.
අද (29දා) අලුයම් කාලයේදී මෙම වෙඩි තැබීම සිදුකර තිබේ. මරණකරු අවුරුදු 35 ක් හා තුවාලකරු අවුරුදු 20ක් වන බටහිර මාලපුල්ල ප්ර දේශයේ පදිංචිකරුවන් වෙයි.
වෙඩි තැබීම සඳහා ටී 56 ගිනි අවියක් භාවිත කර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අණාවරණය වී තිබේ. හිරණ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.