ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස්පතිවරයා සම්බන්ධව කළ ප්‍රකාශයක් සම්බන්ධව අද (10) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහතා පැමිණි අවස්ථාවේදීය.
පොලිස්පතිවරයාට මරණ තර්ජන සිදු කිරීම, ජනාධිපති මහජනයා අතර අනාදරයට පත්වන අයුරින් ප්‍රකාශ සිදු කිරීම යන චෝදනා මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.