අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ඇප මත මුදාහැරීමට එම අධිකරණය නියෝග කළේය.
රු ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු නිදහස් කළ මහේස්ත්‍රාත්වරයා ඔහුගේ විදෙස් ගමන් තහනම් කළේය.
පසුගිය අගෝස්තු 03 වනදා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සම්බන්ධයෙන් සාගර කාරියවසම් මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබුණ අතර ඒ පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගැණින.