ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා, දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන් අතර පැවැති සාකච්ඡා සාර්ථක වී තිබේ.
ඒ අනුව වැඩ වර්ජනය දියත් කළ දුම්රිය නියාමක සංගමය මෙන්ම වැඩ වර්ජනයට සම්බන්ධ උප නියාමකවරුන් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණ කර තිබේත
වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් වීමත් සමග අසනීප නිවාඩු වාර්තා කළ උප නියාමකවරුන් නැවත සේවයට පැමිණිමෙන් තිබේ.
මේ අනුව සවස දුම්රිය ධාවනය සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියි.