වෘත්තිකයින්ගෙන් අයකරණ අසාධාරණ බදු පිලිබදව අද රාත්‍රී 13) ජනාධිපති ලේකම්වරයා ඇතුළු බලධාරින් සමග පැවැති සාකඡඡාවෙදි නිසි විසදුම් නොලබිම නිසා සැලසුම් කල ආකාරයට වෛද්‍ය වැඩවර්ජනය සිදුකරණ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සදහන් කරයි.
මෙම සාකඡඡාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැත් විමට සැලසුම් කර තිබුණත් අදාල සාකඡඡාව සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සභාභාගි නොවු බවද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සදහන් කලේය
මෙම ඉල්ලිම් මුල්කර ගනිමින් හෙට (14) උදැසන 8.00 සිට අනිද්දා (15) උදැසන 8.00 දක්වා පැය24 ක කාලයක් වයඹ, උතුරු මැද, උතුර, ඌව සහ සබරගමුව යන පළාත්වල පිහිටි සියලුම රෝහල්වල වැඩ වර්ජනය සිදුවන බවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හා රජයේ දන්ත ශළ්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය සදහන් කරයි.
මිට අමතරව අනිද්දා (15) දිවයින පුරා සියලුම රෝහල් ආවරණය වන පරිදි එක් දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක වන අතර මේ අනුව වයඹ, උතුරු මැද, උතුර, ඌව සහ සබරගමුව යන පළත් රෝහල්වල අද ආරම්භ වන වැඩ වර්ජනය අවසන් වන්නේ 16 වන දින උදේ 8.00 වන අතර මේ අනුව මෙම පළාත්වල සිදුවන වෛද්‍ය වැඩ වර්ජනය පැය 48 ක කාලයක් ක්‍රියාත්මක වේ.
ඉන්දික හේවාවිතාරණ