සාංඝික දානයට අපූරු පිරිකරක්
පිටිගල අතුකෝරළ තේ සමූහ වයාපාරයේ නිර්මාතෘ දිවංගත ඩී.ඩබ්ලිව්.අතුකෝරළ මහතාගේ 11වැනි ගුණ සමරුව නිමිත්තෙන් අද (4දා) පිටිගල අතුකෝරළ තේ කර්මාන්ත ශාලාවේ පැවති මහා සාංගික දානමය පිංකමේදි එයට වැඩි මහා සංඝරත්නයට දානයෙන් පසු අමුතුම පූජාවක් සිදු කෙරිණි.
ඒ ලීටර් 10යකින් සමන්විත ඉන්ධන කෑන් පිරිනැමීමය.
අතුකෝරළ තේ නිර්මාතෘ දින දානමය පිංකමට වැඩි සියළුම සහරුවනට මේ අපූරු පූජාව ලැබිණි. අතුකෝරළ තේ සමූහ වයාපාරයේ වත්මන් සභාපති අනුර තිලක් අතුකෝරළ මහතාගේ අදහසකට අනුව මේ පූජාව සිදුකෙරිණ.
දනට වැඩි තමන්ට මෙවැනි පූජාවක් ලද පළමු අවස්ථාව බවත් මේ පූජාව අද කාලයේ හැටියට මිල කළ නොහැකි බවත් මේ පිංකමට වැඩි මහා සඝරුවන පැවසූහ.
වත්මන් සභාපති අනුර තිලක් අතුකෝරළ මහතා බෙන්තර වලල්ලාවිට කෝරලයේ පධාන සංඝනායක පොල්දූගොඩ රේවත හිමියන්ට ඉන්ධන කෑන් එකක් පූජා කරන අයුරුයි මේ.
කරන්දෙණිය එම්.සුසිල් පියන්ත සහ පිටිගල ඩි.ජේ.විජේසිංහ


popular news
-
Ravi Thursday, 04 August 2022 11:40 AM
මෙයා මෙච්චර පෙට්රල් ප්රමාණයක් ගෙන ඇත්තේ qr අනුවද?
Reply : 1 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

