ස්වීඩනය සහ ඩෙන්මාර්කය ශ්රී ලංකාව සම්බන්ධයෙන් පනවා තිබී සංචාරක උපදේශන ලිහිල් කිරීමට කටයුතු කර තිබේ. මෙම රටවල් දෙකම ඊයේ සවස මෙසේ තම සංචාරක උපදේශන ලිහිල් කළ අතර එය ශ්රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය ප්රබෝධමත්වීම සඳහා ධනාත්මක ලකුණක් වනු ඇත.
මේ වන විට ශ්රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය ක්රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන අතර එය ශ්රී ලංකාවේ සංචාරක ක්ෂේත්රයට ධනාත්මක ලකුණක් වෙනු ඇත.