ස්විස්ටර්ලන්තයේ රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 12 ට අධික මුදලක් වංචා කළ බව පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුදුකුඩුඉරිප්පු පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරමින් සිටී මන්නාරමේ පදිංචි කොස්තාපල්වරයකු බව සඳහන්. වේ.
මෙම වංචාව සම්බන්ධයෙන් යාපනයේ පුද්ගලයෙකු යාපනය විශේෂ අපරාධ ඒකකයට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා සැකකාර කොස්තාපල් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර කොස්තාපල් සහ ඔහුගේ සොහොයුරා එක්ව මෙම වංචාව සිදු කර ඇති බවත් සොහොයුරා දැනට විදේශගතව සිටින බවද පොලිසිය පවසයි.