ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් හෙට (20දා) පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමේදී ඩලස් අලහප්පෙරුම මහතාට සහාය දැක්වීමට ආණ්ඩුවේ සිට ස්වාධීන වූ පක්ෂ එකමුතුව තීරණය කර තිබේ.
හිටපු අමාත්‍යවරුන් වන විමල් විරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් මෙසේ ආණ්ඩුවේ සිට ස්වාධීන වූ පක්ෂ කණ්ඩායම නියෝජනය කරයි.