ස්වයං නිරෝධානය අවසන් කළ 11ක් රටින් පිටව යති
- 26 03 2020
- 14:56
- {{hitsCtrl.values.hits}} views
- ජිනේෂ් නානායක්කාර
ගාල්ල වරාය පොලිස් බල ප්රදේශයේ තුළ ස්වයං නිරෝධායනයට ලක්ව සිටි විදේශිය ජාතිකයින් 11 දෙනෙකු ස්වයං නිරෝධන කාලය අවසන් විමෙන් පසු සිය රටවලට ගොස් ඇති බව ගාල්ල වරාය පොලිසිය පවසයි.
විවිධ රටවලින් පැමිණි විදේශිය ජාතිකයින් 18 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්ව සිටියහ. මේ වනවිට ස්වයං නිරෝධනයට ලක්වෙමින් සිටිනේනේ විදේශිය ජාතිකයින් හත් දෙනෙකු බව වරාය පොලිසිය පවසයි. ජර්මන් ජාතිකයින් 02 නෙකු, රුසියානු ජාතිකයින් 02නෙකු හා චෙක් ජාතිකයින් 03 දෙනෙකු මේ වනවිට ස්වයං නිරෝධනයට ලක්වෙමින් සිටිති.
ඔවුන්ගේ නිරෝධායන කාලය මෙම මස 31 වැනි දිනවන විට අවසන්විමට නියමිතව ඇති බවද පොලිසිය පවසයි. විදේශිය රටවල සිට මෙරටට පැමිණි ශ්රි ලාංකිකයින් 05 දෙනෙකු ද සිය නිවෙස්වලට වී ස්වයං නිරෝධනයට ලක්වෙමින් සිටින බවද පොලීසිය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
