පෝලන්තයේ Smartwings ගුවන්සේවය 2026 දෙසැම්බර් 22වැනිදා සිට ශ්රී ලංකාව වෙත සතිපතා ගුවන් සේවයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. Boeing 737 MAX 8 යානා යොදාගනිමින් ඕමානයේ Muscat හරහා තාක්ෂණික නැවතුමක් සහිතව මෙම ගුවන් ගමන් ක්රියාත්මක කිරීමට නියමිතය. ගුවන් ගමන් සෑම අඟහරුවාදා දිනකම ක්රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.