ස්පුට්නික් ප්‍රභල එන්නක් දෙවැනි මාත්‍රාව ඕනද කියා පරීක්ෂාවක්
රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව සම්බන්ධයෙන් තාක්ෂණීක කමිටුව මේ වන විට අධ්‍යනයක් කරමින් සිටින බවත් ප්‍රබල එන්නතක් වන එයට දෙවන මාත්‍රාවක් අවශ්‍යවන්නේ ද යන්න වෛද්‍යවරුන් විසින් සලකා බලන බවත් මහනුවර දිස්ත්‍රික්යේ කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේ සමාරම්භක අවස්ථාවට අද (30දා) එක්වෙමින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.
මහනුවර දිස්ත්‍රික්යේ ස්පුට්නික් එන්නත ලබාදීම කුණ්ඩසාලේ එස්.ඩබ්ලියු.ආර්.ඩී.බණ්ඩාරනායක ජාතික පාසල් පරිශ්‍රය ඇතුලු ස්ථාන පහකදී අද ආරම්භ කෙරිණි.
මහනුවර දිස්ත්‍රිකයේ අවදානම ඉහළ කුණ්ඩසාලේ ආසනයට ප්‍රථමයෙන් එන්නත් ලබාදීම සිදුවූ බවත් සෙසු ප්‍රදේශ සඳහා එන්නත් ලබාදීම ඉදිරියේදී සිදුකරන බවත්, එන්නත්කරණය නිරීක්ෂණය කිරීමට පැමිණි අමාත්‍යවරයා පැවසීය.
දැඩි අවදානම අනුව එන්නත්කරණයේදී බස්නාහිර පළාතට ප්රමුඛ ස්ථානය හිමිවුණු බව කී ඒ මහතා එය ජාතික ප්‍රතිපත්තිමය තීරණයක් වු බව ද, එම ප්‍රතිපත්තිය මත ක්‍රියාත්මක වීම නිසා බස්නාහිර පළාතේ පාලනයක් සිදුවුණු බවත් මහනුවර දිස්ත්‍රිකයේ රෝග ව්‍යාප්තිය හා පාලනය ප්රමුඛ අරමුණක් වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
එන්නත් කරණය විද්‍යාත්මක පදනමක් මත සිදුවන බවත් වෛද්‍යවරුන් විසින් සිදුකරන එම කාර්යය සඳහා මහජන නියෝජිතයන් සිදුකරනුයේ සහයෝගය ලබාදීම හා අවශ්‍ය පහසුකම් සියල්ල සැපයීය යුතු යැයි ද ජනමාධ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
උඩුදුම්බර ප්‍රදීප්
popular news
-
Nimal Sunday, 30 May 2021 05:14 PM
අපේ දේශපාලුවො ස්පුට්නික් එන්නත හොයා ගත්ත අයටත් වඩා දක්ෂයි, නරකම නෑ වැඩේ.
Reply : 0 0
Demuni Uduwara Sunday, 30 May 2021 05:40 PM
Let health personnel to do their job. Don't politicize vaccination too.
Reply : 0 0
rocky Sunday, 30 May 2021 06:25 PM
"prabhala" noveyi. Nivaradi vachanaya :`Prabala`. Mahaapraana anawasyayi!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

