පුත්තලම මූලික රෝහලේ කාන්තා වාට්ටුවක නාන කාමරයක කානුවක සිරව මිය ගොස් සිටි බිළිදෙකුගේ මළ සිරුරක් හමුව ඇති බවත් එම සිද්දියට නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි තරුණ කාන්තාවක් අත් අඩංගුවට ගත් බව පුත්තලම මූලස්ථාන පොලිසිය 20 දින පැවසිය.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම නගරයෙ ස්පා සම්බාහන මධ්‍යස්ථානයක රැකියාව කල කල්පිටිය ආණවාසල පදිංචි 27 හැවිරිදි මේරි විනෝදනී පිරිස් ප්‍රනාන්දු නැමති තරුණ කාන්තාවක් බව කියයි.
අදාල තරුණ කාන්තාව පුත්තලම මූලික රෝහලේ කාන්තා වාට්ටුවට නේවාසික ප්‍රතිකාර සදහා මෙලෙස නැවති සිටියදි කිසිවකුටත් රහසේ බිළිදා බිහි කර ඇති බවත් එම පසුව කාන්තා නාන කාමරයෙ කානුවක බිළිදා දමා ගොස් ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය සිදුකල මූලික විමර්ශන වලදි අනාවර්නය වී ඇත.
කෙසේ නමුත් මෙම කාන්තාවගේ හැසිරිම් වල වෙනසක් පැවතිම හේතුවෙන් ප්‍රශ්ණ එම වාට්ටුව භාර හෙද නිළධාරීනිය විසින් නාන කාමරය පරික්ෂා කර පසුව කානු පරික්ෂා කිරීමේදි බිහි කර පැයකට ආසන්නව සිටි බිලිදා කානුවක සිරවි මිය ගොස් සිටියදි සිරුර සොයා ගැනිමට හැකිවු බව කියයි.
කෙසේ නමුත් මෙම ස්පා තරුණ කාන්තාව තමන් බිලිදෙකු බිහිකල බව වසන් කර ඇති බව කියයි.
පසුව එම ඒකකය භාර හෙද නිළධාරීය විසින් රෝහල් අධ්යක්ෂවරයා දැනුවත් කර ඒ වන විටත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි මෙම සැකකාර තරුණ කාන්තාව අත් අඩංගුවට ගැනිමට කටයුතු කර තිබුනී.
අත් අඩංගුවට ගත් මෙම සැකකාරිය පොලිස් ආරක්ෂාව යටතේ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් බිලිදා මරණය සම්බන්ධයෙන් පුත්තලම වැඩ බලන මහෙස්ත්‍රාත් ටී.එම්.ඉන්දික තෙන්නකෝන් මහතාගේ විසින් අදාල ස්ථානය පිළිබදව මහෙස්ත්‍රාත් පරික්ෂණය සිදු කිරීමේන් පසු බිළිදු මළ සිරුර සම්බන්ධව පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරීම සදහා පුත්තලම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා වෙත යොමු කිරීමට කටයුතු කරන ලෙස පොලිසියට නියෝග කර තිබුනී.