ස්පාඤ්ඤයේ හා ප්‍රංශයේ ලැව් ගිනි 300000ට උන්හිටි තැන් අහිමි කරයි
නිරිතදිග ප්‍රංශයේ හටගෙන ඇති ලැව්ගිනි පාලනය කිරීමට ගිනි නිවන භටයින් දැඩි අරගලයක නිරතව සිටින අතර, ප්‍රබල සුළං හේතුවෙන් ගිනිදැල් බෝඩෝ නගරය දෙසට ඇදී යමින් පවතී. "ගින්න පාලනය කිරීමට තව බොහෝ දුර යා යුතුව ඇතැයි" නිලධාරියෙකු ජාත්‍යන්තර මාධ්‍යයට පැවසීය.
දින ගණනාවක් පුරා ඇවිලෙන මෙම ලැව්ගිනි හේතුවෙන් ප්‍රංශයේ සහ ස්පාඤ්ඤයේ පුද්ගලයින් 300,000 කට අධික සංඛ්‍යාවක් තම නිවෙස්වලින් ඉවත් වී ඇත. සුළං සහ ඉහළ උෂ්ණත්වය හේතුවෙන් ගිනි නිවීමේ කටයුතු වලට බාධා එල්ල වී තිබේ.
හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති ස්පාඤ්ඤයේ, කාලගුණික තත්ත්වයන්හි වෙනසක් මැඩ්රිඩ් නගරයෙන් පිටත ක්‍රියාත්මක ගිනි නිවන භටයින්ට යම් සහනයක් වී ඇත.
"ඉදිරියේදී සංකීර්ණ කාල පරිච්ඡේදයකට මුහුණ දීමට සිදුවනු ඇති" බව ස්පාඤ්ඤ අගමැති පෙඩ්රෝ සැන්චෙස් පිළිගත්තේය. මේ අතර, වැලෙන්සියා හි බලධාරීන් ගින්නක් හේතුවෙන් පුද්ගලයෙකු මියගිය බව තහවුරු කළේය.
දේශීය මාධ්‍ය වාර්තාවලට අනුව, මනිසෙස් හි 'සෝල්ට් ඩි ලා අගුවා'ප්‍රපාතයේ හටගත් ගින්නක් නිවා දමමින් සිටියදී, 70 ගණන්වල පසුවන බවට සැක කෙරෙන මෙම පුද්ගලයාගේ මළ සිරුර ඔහුගේ මෝටර් රථය තුළ තිබී ගිනි නිවන භටයින් විසින් සොයා ගන්නා ලදී.
ප්‍රංශයේදී, තවත් පුද්ගලයින් 55,000 කට ඉවත් වන ලෙස සෙනසුරාදා රාත්‍රියේ නියෝග කෙරුණු අතර, ඒ අනුව ජිරොන්ඩ් (Gironde) සහ ලෑන්ඩ්ස් (Landes) යන නිරිතදිග කලාපවලින් ඉවත් වූ මුළු සංඛ්‍යාව 250,000 ක් පමණ දක්වා ඉහළ ගියේය.
ගින්න මගින් "සුළි සුළං සහිත තමන්ගේම සුළං ධාරා" නිර්මාණය කර ඇති බවත්, එය "අනාවැකි කිව නොහැකි සහ පාලනය කළ නොහැකි" තත්ත්වයක පවතින බවත් ගිනි නිවන කණ්ඩායම් නායක නිකලස් බ්රාස් (Nicolas Braz) AFP පුවත් සේවයට පැවසීය.
මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා ප්‍රංශය සිය හමුදාව යොදවා ඇති අතර, පඳුරු ඉවත් කිරීම සහ ගින්න පැතිරීම වැළැක්වීමේ තීරු (fire breaks) නිර්මාණය කිරීම මගින් ගිනි නිවන භටයින්ට සහාය වීම සඳහා අතිරේක හමුදා බලඇණි යවා ඇත.
ප්‍රංශය "නැවත ගොඩනැගීමක්" සිදු කරන බවත්, අවශ්‍ය තාක් කල් තම රජය ඒ සඳහා සහාය ලබා දෙන බවත් ජනාධිපති එමානුවෙල් මැක්රොන් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
