පාර්ලිමේන්තුවේ කෝප් හා කෝපා කමිටුවල සභාපති ධුර විපක්ෂයට ලබාදෙන බවට සඳහන් කළ ස්ථාවරය මේ වන විට වෙනස්ව ඇත්දැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් විමසා සිටියේය.
වත්මන් ජනපතිවරයා අග්‍රාමාත්‍යධුරයේ කටයුතු කරන විට එම ධුර විපක්ෂයට ලබාදෙන බවට ප්‍රකාශ කළ බවද විපක්ෂනායකවරයා පැවැසීය.
කෝප් හා කෝපා සභාපතිධුර සඳහා සමගි ජන බලවේගයේ එරාන් වික්‍රමරත්න හා කබීර් හෂීම් යන මන්ත්‍රීවරුන්ගේ නම් යෝජනා කර ඇති බවද ඔහු පැවැසීය.