ස්ථාන දෙකෙකදී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් මරුට
- 6 10 2025
- 09:23
- {{hitsCtrl.values.hits}} views
- ..
ස්ථාන දෙකකදී ඊයේ දිනයේදී දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මන්නාරම - ඊයේ අළුයම් කාලයේ මන්නාරම පොලිස් වසමේ පුදුකුඩිඉරුප්පු ප්රදේශයේදී තලෛමන්නාරම සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ගැටී පුද්ගලයෙකු මියගොස් ඇති බවට මන්නාරම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරු වයස අවුරුදු 32 ක් වූ පුදුකුඩිඉරුප්පු ප්රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඥාතීන්ට භාර දී ඇති අතර මන්නාරම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
කඩුගන්නාව - ඊයේ සවස් කාලයේ කඩුගන්නාව පොලිස් වසමේ කඩුගන්නාව දුම්රියපොල ආසන්නයේදී මහනුවර සිට පොල්ගහවෙල දක්වා ධාවනය වූ දුම්රියක පුද්ගලයෙකු ගැටී මියගොස් ඇති බවට කඩුගන්නාව පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරු වයස අවුරුදු 27 ක් වූ කනත්තොට, අකුරැස්ස ප්රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය පේරාදෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කඩුගන්නාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

