අධික ලෙස මත්පැන් පානය කර පොලිස් ස්ථානාධීපතිවරයාගෙන් සෙට් වෙමුදැයි දුරකතනයෙන් විමසා පසුව පොලිස් ස්ථානයට ද පැමිණ කලහකාරීව හැසිරුණු පුද්ගලයකු ඊයේ (16දා) රාත්රියේ සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්දකැටිය ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 44 පුද්ගලයෙකි.
සිද්ධියට සම්බන්ධ පුද්ගලයා අධික ලෙස මත්පැන් පානය කොට පොලිස් ස්ථානාධිපතිවරයාගේ රාජකාරි දුරකතනයට ඇමතුමක් ලබා දී මත්පැන් පානය කරමුදැයි පොලිස් ස්ථානාධිපතිවරයාගෙන්ද විමසා ඇති අතර ඊට හිලව් වශයෙන් අසල ඇති ඉන්ධන පිරවුම්හලන් ඉන්ධන බූලි දෙකක් ලබා ගැනීමට උදව් කරන ලෙසද ඉල්ලීමක් කර ඇත.
කෙසේ වෙතත් සූක්ෂම ලෙස පොලිස්ථානය වෙත මෙම පුද්ගලයා ගෙන්වාගෙන ඇති පොලිස් ස්ථානාධිපතිවරයා මත් පැන් පානයේ ආදීනව මෙන්ම ඒ සදහා පොලීසිය හවුල් කර ගැනීමට යෝජනා කිරීමේ වැරැද්ද පිළීබදව ඔහුට කරුණු පැහැදිලි කර දී ඇත .
එහෙත් එම කරුණු පිළි නොගත් මෙම පුද්ගලයා පොලිස් ස්ථානය තුල දිගින් දිගටම කලහකාරීව හැසිරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා අද (17දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
කන්දකැටිය පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක සමන් දසනායක මහතාගේ උපදෙස් මත සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.
මීගහකිවුල එන් කේ නිශ්ශංක