ව්‍යවස්ථා සංශෝධන මගින් ආර්ථික ප්‍රශ්නයට විසඳුම් නොලැබෙන බවත් මේ වන විට සහෝදරවරුන් අතර පවා ඝට්ටන ඇතිව තිබෙන බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
ජාතික සේවක සංගමයේ මැයි දින පෙළපාලිය අමතමින් ඔහු මේ බව පැවැසිය.
“අපි මින් පෙර තොතිබුණ ආර්ථික හා දේශපාලන අර්බුදයකට මුහුණ දෙමින් සිටිනවා. අපේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටිලා. රැකියා ගණනාවක් නැති වෙලා තියෙනවා සේවක පංතියේ.
තවත් රැකියා ලක්ෂ ගණන් නැතිවෙන්න පුළුවන්. අද අපේ බැංකුවල තැන්පතු තියෙනවානම් විශ්‍රාම අරගෙන ඒවා ගන්නකොට එහි වටිනාකම සියයට 50යි.
අපිට ඊ.පී.එෆ්. ඊ.ටී.එෆ්. තියෙනවානම් එකේ වටිනාකමත් සියයට 50යි. අද ශ්‍රි ලංකාව අරාජිකයි. විශාල දේශපාලන භූමිකම්පාවක් ඇති වෙලා තියෙන්නේ.
හැමතැනම උද්ඝෝෂණ සටන් පාඨ දෙකයි තියෙන්නේ. ගෝඨා ගෙදර යන්න රාජපක්ෂවරු ගෙදර යන්න කියලා. ආණ්ඩුව ඇතුළෙත් කඩා වැටිමක් තියෙනවා.
සහෝදරවරු අතරත් ඝට්ටන තියෙනවා. 2019 ජනපතිවරණයේදී ලැබුණ වරමත් 2020 පාර්ලිමේන්තුවට ලැබුණ වරමත් දැන් අහිමි වෙලා තියෙන්නේ.
ආණ්ඩුවේ සමහරු කියනවා දෙන්නම ඉන්න ඕන. තවත් අය කියනවා අගමැති යන්න ඕන ජනාධිපතිතුමා ඉන්න ඕන කියලා. ජනාධිපතිතුමා යෝජනා කරලා තියෙනවා 20 වෙනුවට 21 වැනි සංශෝධනයක් ඉදිරිපත් කරන්න කියලා.
මම විසිවැනි සංශෝධනයට විරුද්ධයි. නමුත් 21 වැනි සංශෝධනයෙන් විධායක බලතල නැති කරලා 19 වැනි සංශෝධනයට එනවනම් අපි ඒක අම්බලමක් හැටියට පිළිගමු.
21 වැනි සංශෝධනය ගෙනාවා කියලා ආර්ථික ප්‍රශ්නවලට විසදුමක් නෑ. අපේ ප්‍රමුඛත්වය දෙන්න ඕන ආර්ථික ප්‍රශ්න විසඳන්න. මේ අර්බුදයට විසඳුම් වුවමනායි. මම කියනවා ඒක විසඳන්න පුළුවන්”