සහල් තොග ලබන සැප්තැම්බර් මස දක්වා රට තුළ තිබෙන බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා ඊයේ(06දා) ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පැවසීය.
සහල් හිඟයක් ඇතිවුවහොත් ඇති වන්නේ ලබන සැප්තැම්බර් මාසයෙන් පසු බවත් ඔහු සඳහන් කළේය.
යල කන්නයේ අස්වැන්න ප්‍රමාණවත් නොවුවහොත් සහල් ආනයනය කිරීමට සිදුවන බව අමාත්‍යවරයා පවසයි.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අතර, අගමැති රනිල් වික්‍රමසිංහ ,හිටපු අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරු පිරිසක් සහභාගි වූහ.