සහල්වලට උපරිම මිල නියම කරමින් පසුගිය මැයි මස 2 වැනිදා නිකුත් කළ අංක 82 දරණ ගැසට් පත්රයේ කිසිදු සංශෝධනයක්, අවලංගු කිරීමක් කර නොමැති බවත් ව්යාපාරික ප්රජාව සහල් උපරිම සිල්ලර මිලට යටත්ව අලෙවි කළ යුතු බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම ගැසට් පත්රයට අනුව සහල් කිලෝවක මිල නාඩු 220, සම්බා 230 සහ කීරි සම්බා 260 ක්, ලෙස උපරිම මිල පවතින බවත් උපරිම මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන් රට පුරා වැටලීම් සිදුකර නඩු පවරන බවත් එම නිවේදනයේ සඳහන් වේ.