ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ අහාර ද්‍රව්‍ය ලබා ගැනීමේ අරමුණින් වෙළෙඳ,වාණිජ හා අහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සහ බංගලාදේශ මහකොමසාරිස් තරික් අරිෆුල් ඉස්ලාම් මහතා අතර සාකච්ඡාවක් අද (13දා) එම අමාත්‍යංශයේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවට ඉදිරි පරිභෝජනය සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ ලබා දීමට කටයුතු කරන මෙන් බංගලාදේශ මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියේය.
දේශීය ආයෝජකයන්ට බංගලාදේශය තුළ ආයෝජනය කිරීමට අවස්ථාවන් පවතින බව බංගලාදේශ මහකොමසරිස්වරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මෙම අවස්ථාව සඳහා වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශ ලේකම් එස්.ටී කොඩිකාර මහතා, වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් ඇතුළු අමාත්‍යංශ නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.