බදුල්ල දුම්රිය ස්ථානය ඉදිරිපස ,දෙයියන්නෙවෙල මාර්ගයේ දී සහල් පැටවූ ලොරි රථයක් අද (29දා) දහවල් ගිලාබැසීමට ලක්විය . පිටපසු රෝද 2ක් ගිලාබැසීමට ලක්වීමත් සමග බැකෝ යන්ත්රයක ආධාරයෙන් ලොරි රථය පෙරලීම වලක්වා සහල් තොගය ඉවත්කිරීමට සමුපකාරය කටයුතු කළේය .
මෙම කාපට් මාර්ගයේ කැනීම් සිදුකර කර ජලනල එලීමට පසුගියදා පියවර ගෙන තිබූ නමුත් එම කැනීම් කළස්ථාන යළි යථාතත්වයට පත්නොකිරීම නිසා මේ තත්වය උදාවී ඇතැයි ප්රදේශවාසීහු කියති .
දරුවෙක් වඩාගෙන ගමන් කරමින් සිටි මවක්ද නොබෝදා මෙම ස්ථානයේදී වලක වැටී අනතුරකට ලක්වූ බවත් ඒ පිළිබද බලධාරින් දැනුවත් කළ පසු පස් ටිකක් දමා එම වල වසා දැමූ නමුත් ස්ථිර විසදුමක් ලබා නුදුන් බවත් ප්රදේශවාසිහු පවසති .
දැන්වත් මෙම ස්ථානයේ ආරක්ෂාව සුරක්ෂිත කරන්නැයි ජනතාව ජාතික ජල සම්පාදන මණ්ඩලයෙන් හා බදුල්ල මහ නගර සභාවෙන් ඉල්ලාසිටිති.
බදුල්ලේ පාලිත ආරියවංශ
