සහෝදරයා ජනපති නම් මොකටද බොරු සහතික ගන්නේ
තමාගේ සහෝදරයා ජනාධිපති වී සිටියදී ද්විත්ව පුරවැසිභාවය වෙනුවෙන් ව්‍යාජ සහතිකයක් ලබාගැනීමට අවශ්‍යතාවක් නොමැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
තමාගේ ද්විත්ව පුරවැසි සහතිකය පිළිබඳව පැන නැගී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.
“මම ලබාගත්ත ද්විත්ව පුරවැසි භාවයට අදාළ සහතිකය හොර සහතිකයක් කියලා ඇතැම් අය කියනවා.
මම මේ රටේ ඉපදිලා, ජීවත්වෙලා, හමුදාවේ අවුරුදු විස්සක් රට වෙනුවෙන් සේවය කරපු පුද්ගලයෙක්. මම තාවකාලිකව ඇමෙරිකාවේ වාසය කරන්න ගියා.
2005 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා මට ආරක්ෂක ලේකම් වෙන්න කියලා ආරාධනාවක් කළාම ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීම සඳහා මම ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කළා.
ඒ ඉල්ලුම් පත්‍රයට අදාළ මුදල් මම ගෙව්වා. එවකට ජනපති ලෙස පත්වුණ මෙන්ම විෂයභාර අමාත්‍යවරයා වශයෙන් එවකට හිටපු මහින්ද රාජපක්ෂ ජනපතිතුමා විසින් ද්විත්ව පුරවැසි සහතිකය මට ලබාදුන්නා.
ද්විත්ව පුරවැසිභාවය තියෙද්දී තමයි ත්‍රස්තවාදී ප්රහාරයන්ට මුහුණදීලා මේ රටේ තිබුණ ත්‍රස්තවාදය අවසාන කිරීමට මගේ යුතුකම ඉටුකළේ.
එදා ත්‍රස්තවාදය අවසන් කිරිමට සුදුසු වුණ ද්විත්ව පුරවැසි සහතිකය අද කොහොමද බොරු සහතියක් වුණේ කියන එකයි ගැටලුව.
එදා බොරු සහතියක් ලබාගන්න හේතුවක් නෑ. මට සියලුම සුදුසුකම් තිබෙනවානම් මගේ සහෝදරයා ජනාධිපති වෙලා ඉන්නවානම් මොකටද මම බොරු සහතිකයක් ලබා ගන්නේ.”
popular news
-
Dayan Tuesday, 01 October 2019 04:31 PM
සහෝදරයා ජනාධිපති කාලේ කරපු විදිය අපි නොදන්නවය්.
Reply : 1 5
Duminda Wednesday, 02 October 2019 04:27 AM
Hath deyyane bala yanakota mun okkoma boruwe ulpath.
Reply : 1 4
rocky Wednesday, 02 October 2019 08:30 AM
සහෝදරයා ජනාධිපති වුන හින්දා තමයි බොරු සහතික ගන්න පුළුවන් වුනේ! ඒ වගේම තාත්තා ජනාධිපති වුන හින්දා තමයි, පුතා පස්ස දොරෙන් නීති විද්යාලෙටත්, අනිත් පුතා පස්ස දොරෙන් නාව්ක හමුදාවේ ලොක්කෙක් හැටියටත් රින්ගවන්න පුළුවන් වුනේ!
Reply : 1 6
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

