ස්විස් තානාපති සේවිකාවගේ ප්‍රකාශය පැය 4ක් - තවත් ප්‍රකාශයක් ලබාගැනීමේ සූදානමක්?
පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන සේවිකාවගෙන් ඊයේ (08දා) පැය 4ක ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලබාගෙන තිබේ.
එසේම ඇය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමුකර සෞඛ්‍ය තත්ත්වය පිළිබඳවද පරීක්ෂා කර තිබේ.
මේ අතර එම සිදුවීම සම්බන්ධයෙන් ඇයගෙන් තවත් ප්‍රකාශයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇති අතර බොහෝ විට එම ප්‍රකාශය අද දිනයේදී ගැනීමට නියමිත බවද වාර්තා වෙයි.
එම ප්‍රකාශය අද දිනයේදී ලබාගන්නේද යන්න පිළිබඳව වන තීරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා විසින් ලබාගැනීමට නියමිතව තිබේ.
popular news
-
Deepal Nirosh Monday, 09 December 2019 03:25 PM
අවශ්‍ය ප්‍රකාශ ලබාගත යුතුයි. ඒ්ත් මූලික අවශ්‍යතාවය මේ පරීක්ෂණ කඩිනමින් නිමකර තීන්දුවක් ලැබෙන තුරු මේ ශ්‍රී ලාංකික කතට මෙරටින් පිටවීම තහනම් කිරීමයි. මොකද මෙපමණ අසාධ්‍ය රෝග තත්ත්වයකින් පෙළෙන අයෙක් රෝහල් ගත නොවන්නෙ ඇයි ද යන්න ප්‍රශ්නයක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

