ස්විට්සර්ලන්තයේ 'ස්විස් ජාත්‍යන්තර ගුවන් සේවය' යළිත් ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් ආරම්භ කර තිබේ.ඒ අනුව 2019 වසරෙන් පසුව එම ගුවන් සේවයේ පළමු ගුවන් යානය අද (05දා) දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළගා විය.
ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට පැමිණි ඩබ්ලිව්.කේ.- 64 දරන ගුවන් යානයෙන් විදේශීය සංචාරකයන් 96 දෙනෙකු සහ ගුවන් නියමුවා ඇතුළු කාර්යය මණ්ඩලය 12 දෙනෙකු ද පැමිණ සිටියහ.
ස්විස් ජාත්‍යන්තර ගුවන් සේවය අද සිට සතියකට එක් වරක් , එනම් සෑම සිකුරාදා දිනයකම සුරීච් සහ කටුනායක ගුවන් තොටුපළ අතර ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම ගුවන් යානය සහ එහි පැමිණි ගුවන් මගීන් පිළිගැනීම සදහා කටුනායක ගුවන් තොටුපළ තුළ උත්සවයක්ද සංවිධානය කර තිබුණි.




