ස්වයංජාත ඉතාලියේදී වවයි
ශ්‍රී ලාංකාවේ දේශීය සහල් වර්ගයක් වන ස්වයංජාත ඇල් යුරෝපයට ගෙනගොස් සාර්ථකව වගාකළ ලාංකිකයෙකු පිළිබඳ පුවතක් ඉතාලියේ වෙරොනා නගරයෙන් වාර්තා වේ.
වසර 25කට අධික කාලයක් ඉතාලියේ රැකියාව කරන මාරවිල, ලංසිගම, පදිංචි විජයානන්ද දඹගේ මහතා මෙලෙස තම නිවස ආසන්නයේම ගොඩ ඉඩමක මෙම දේශීය සහල් වර්ගය සාර්ථකව වගාකර තිබේ .
නිවාඩුවකට ලංකාවට පැමිණි අවස්ථාවක තම ඥාතියෙක් ලබදුන් මෙම දේශීය වී ඇට කිහිපයක් පමණක් රැගෙන ගොස් ඔහු විසින් සාර්ථක අන්දමින් සිය වගාව සිදුකර ඇත.
මේ වන විට මෙම දේශීය සහල් සහිත වගාව අඩි 6ක් පමණ උසට වැවී ඇති අතර, ඔක්තෝබර මාසයේදී පමණ එරටට එන ශීත කාලයට පෙර සහල් අස්වැන්න ලබා ගැනීමට බලාපොරොත්තුවන බව ඒ මහතා අප සමග පැවසීය.
පසුගිය වසරේදිත් මෙලෙස මේවා වගාකළද ශීත කාලයට එය හසුවීම නිසා විනාශ වූ බවත්, මෙවර උණුසුම් කාලය එළඹි වහාම වගා කටයුතු ආරම්භ කිරීම හේතුවෙන් ශීත කාලයට පෙර අස්වැන්න ලබාගත හැකිවන අතර, මෙම දේශීය සහල් වර්ගයේ පෝෂ්‍යදායක තත්ත්වය තම නිවස ආසන්නයේ සිටින ඉතාලි ජාතික ගොවි මහතුන්ටද හඳුන්වාදීමට බලාපොරොත්තුවන බවත් විජයානන්ද මහතා අප සමග පැවසීය.
නයිනමඩම - චන්දන ප්‍රනාන්දු


popular news
-
Champa Monday, 27 August 2018 06:29 PM
කොයි තරම් හොඳද? අපිටත් ආඩම්බරයි ඔබ ගැන. මේවා හරිම උස යනවා.
Reply : 0 0
rocky Wednesday, 29 August 2018 06:58 PM
ස්වයංජාත හැල? කොහෙද ඒවා තියෙන්නේ? පරණ සාහිත්‍ය පොත් වල විතරයි. ස්වයන් ජාත කියන්නේ ඉබේටම හැදෙන නිසා. ඒවා කවුරුවත් වවන්න ඕන නැහැ. 1950 ගණන් වලදී රට පුරා මහා කල බගැනියක් ඇති වුනා ස්වයන් ජාත හැල පහල වෙලා කියල. සමහර බොරු කාරයෝ ඒවා බෙදා හරින්නත් පටන් ගත්ත. මමත් මුද්දරයක් සහිත ලියුම් කවරයක් ඇරියම එක ජුතයෙක් මට ඇට වගයක් එවලා තිබුන. හිටෝලා බැලුවම ඉදල් ඉරිඟු.! අනේ මෙහෙමත් විපිරියාස!අපේ සමහර මිනිසුන්ට ඕන කෙබරයක් විස්වාසයි!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

