ලබන 23 දා පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුළුවට එක්නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එහි නායක අනුර කුමාර දිසානායක මහතා අද (20දා) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී මේ බව තහවුරු කළේය.
මෙම සමුළුව පැවැත්වෙන්නේ ආර්ථික අර්බුදය විසඳීම වෙනුවට ආණ්ඩුව තුළ ඇති දේශපාලන අර්බුදය විසඳීම සඳහා බවද ඔහු පැවැසීය.
පසුගිය කොවිඩ් කාලසීමාව තුළදී මේ ආකාරයෙන් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා පක්ෂ නායකයන්ගේ අදහස් ලබාගත්තත් ඒවා ක්‍රියාත්මක කිරීම වෙනුවට ආණ්ඩුවේම න්‍යාය පත්‍රය ඉදිරියට ක්‍රියාත්මක කටයුතු කළ බවත් ඔහු පැවැසීය.
එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවත් ඔහු පැවැසීය.
