දිවයිනෙන් පිටත්වීම සදහා කටුනායක ගුවන් තොටුපළට යාමට දුම්රියෙන් යමින් සිටි සර්බියානු ජාතිකයෙකුට අයත් විදේශ ගමන් බලපත්‍රය, ගුවන් ගමන් බලපත් සහ ලැප්ටොප් යන්ත්‍රය ඇතුළු දෑ සහිත ගමන් මල්ල කිසියම් පුද්ගලයකු විසින් රැගෙන පලාගිය බවට ලද පැමිණිල්ලක් මත කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
දමීර් හැඩ්සික් නැමැති සර්බියානු ජාතිකයෙකු විසින් කල පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මාතර ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටී සර්බියානු ජාතිකයා බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනයවූ සීඝ්‍රගාමී දුම්රියේ ගමන්කර ඇති අතර , කළුතර දකුණ දුම්රිය ස්ථානයේදී කිසියම් පුද්ගලයකු සිය ගමන් මල්ල රැගෙන දුම්රියෙන් බැස පලාගිය බවට විදේශීකයා පැමිණිලි කර ඇති බව උසස් පොලිස් නිළධාරීයෙක් පැවසීය.
ගමන් මල්ල තුල විදේශ ගමන් බලපත්‍රය, ගුවන් ටිකට්පත, ඩ්‍රෝන කැමරාවක්, ලැප්ටොප් යන්ත්‍රයක් සහ යූරෝ 200 ක මුදලක් තිබූ බවද සදහන් වේ.
සොරකම සිදුවීමෙන් පසු නැවත දුම්රිය නතරකර ඇත්තේ පානදුර දුම්රිය ස්ථානයේ බැවින් සර්බියානුවා පානදුර දුම්රිය ස්ථානයෙන් බැස පානදුර දකුණ පොලිසියට සිද්ධිය දැනුම් දීමෙන් පසු කළුතර දකුණ පොලිසිය දැනුවත් කර ඇති බව පොලිසිය සදහන් කරයි.
සර්බියානු ජාතිකයා හැඩූ කදුළින් පානදුර දකුණ පොලිසිය අසල රැදී සිටි බවද සදහන් වේ.
සැකකරු සොයා කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වති.
කදුළින් පොලිසිය අසල හිටලා
පානදුර සුමිත් පොතුපිටිය