සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් අසාත්මිකතාවයට පත් වූ එක් දරු මවක් ප්‍රතිකාර සඳහා ඔරුවල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව (22) දා රාත්‍රී ජීවිතක්ෂයට පත්ව ඇතැයි නවගමුව පොලිසිය පවසයි.
මෙසේ මේ ගොස් මියගොස් ඇත්තේ අතුරුගිරිය ඔරුවල , ගල්වරුස , කන්ද උයන , නො 20 / 11 හි පදිංචි මාලනී පත්මලතා අත්තනායක නමැති (65) හැවිරිදි කාන්තාවක බව පොලිසිය කියයි
මෙම කාන්තාව පෙරේදා (22) දා රත්‍රී 07 පමණ නිවසට යාබදව පිහිටි වැසිකිළියට යමින් සිටියදී ඒ ඉදිරිපිට සවිකර තිබූ දොරෙහි යටි පැත්තේ සිටි සර්පයකු එක්වරම පාදයේ මහපට ඇගිල්ලේ පැටලී ඇති අතර ක්ෂණිකව පාදය ගසා දමා යළි නිවසට පැමිණ විපරම් කර බැලිමේදි සර්පයකු දෂ්ඨ කළාක් මෙන් වෙදනාවක් හට ගෙන තිබේ.
එහිදී මව පියා සමග නිවසේ වාසය කරන එකම දියණිය මවට පවසා ඇත්තේ " අම්මේ මේ දවස්වල වැස්ස නිසා සත්තු ඉන්නව , සතෙක් කෑවද දන්නෙ නෑනෙ ඒ නිසා අපි යන් බෙහෙත් ටිකක් ගේන්න" එහෙත් " නෑ තව ටිකකින් අඩු වේවි" යනුවෙන් මව පැවසූ නිසා මවට විවේකීව සිටීමට පහසුකම් සළසා තිබේ.
එහෙත් රාත්‍රී 8 පමණ වන විට පාදය ඉදීමී අසාත්මිකතාවක් හට ගැනීම නිසා යාබද නිවසක ඥාතිවරියක් ද සමග අනතුරට පත් මව ප්‍රතිකාර සඳහා ඔරුවල දිසා රෝහලට ඇතුලත් කොට ඇති අතර එහිදී වෛද්‍යවරුන් රෝගියා පරීක්ෂා කොට පවසා ඇත්තේ එම කාන්තාව මියගොස් ඇති බවයි.
ඒ අනුව තලංගම හදිසි මරණ පරීක්ෂිකා සාමවිනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය ඔරුවල දිසා රෝහලට පැමිණ දේහය පරීක්ෂා කොට පොලිසියට නියෝග කොට ඇත්තේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොළඹ පොලිස් මෘත ශරීරාගාරය වෙත දේහය රැගෙන යන ලෙසයි.
ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කොළඹ පොලිස් මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් එහිදි මරණයට හේතුව අනාවරණය කර ගැනීම සදහා (23) දා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබුණි .
සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව පොලීසියේ පො.සැ (56992) රෝහිත නිළධාරීහු පරික්ෂණ මෙහෙයවති