සරසවි සිසුන් නිසා ස්නායු රෝගීන් 800ක් අපහසුතාවට
විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් පහර දීමෙන් තුවාල ලබා සිටින අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායූ ශෛල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රධානී විශේෂඥ ස්නායූ වෛද්‍ය යොහාන් කෝරලගේ මහතාට සේවයට වාර්තා කිරීමට තවත් කල් ගතවීම නිසා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායූ ශෛල්‍ය දැඩි සත්කාර ඒකකය වසා දැමීමට සිදුවීමෙන් රෝගීන් අටසියකට අධික පිරිසක් දැඩි අපහසුතාවයට පත්වී සිටින බව වාර්තාවේ.
පසුගිය (03ද) මහනුවර ගලහා මාර්ගයේ හිල්ඩා ඔබේසේකර මාවතේදී පේරාදෙනිය සරසවියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසකගේ ප්‍රහාරයට ලක්වීමෙන් බරපතල තුවාල ලැබූ ස්නායූ විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය යොහාන් කෝරලගේ මහතා මහනුවර හා කොළඹ ජාතික රෝහල්වල ප්‍රතිකාර ලබා ලැබීය.
ඉතා සියුම් ශෛල්‍ය කර්ම වල නිරතවන ඒ මහතාට සිසුන් පහර දෙන අවස්ථාවේ දකුණු අත අඹරා මෝටර රථයෙන් ඇඳ දමා පහරදීම නිසා ඒ මහතාට ශෛල්‍ය කර්ම සිදුකිරීමේ දැඩි අපහසුතාවක් මතුවී තිබෙන අතර තවත් මාස දෙකකට ආසන්න කාලයක් අත සුවකර ගැනීමට කාලය ගතවේ යැයි අනුරාධපුර රෝහල අනාවරණය කළේය.
අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, වව්නියාව, යාපනය හා මන්නාරම දිස්ත්‍රීක්කවල ස්නායූ සම්බන්ධ රෝගීන්ට ඒ මහතා විසින් ප්‍රතිකාර ලබාදුන් අතර දින නියම කළ ශෛල්‍ය කර්ම සියල්ල නැවතී තිබේ. හදිසි අනතුරුවලදි හිසට අනතුරු සිදුවන රෝගින්ගේ කිසිදු ප්‍රතිකාර කටයුත්තක් මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිදු නොවිම නිසා අසාධ්‍ය තත්වයේ පසුවන සියළුම රෝගින් කොළඹ ජාතික රෝහට යැවීමට රෝහල් බලධාරින්ට සිදුව තිබේ.
මොළයේ පිළිකා සුෂුම්නා ඇතුළු සියුම් ස්ථානයන්හි හට ගෙන ඇති රෝග සම්බන්ධයෙන් ඒ මහතා ශෛල්‍ය කර්ම සිදුකර රෝගින්ට ප්‍රතිකාර ලබාදි තිබුණි. වෛද්‍යවරයා නොමැතිවීමෙන් අන්ත අසරණ භාවයට පත්ව සිටින රෝගින් විශාල පිරිසක් ඒ මහතාට සිදුකළ ප්‍රහාරය පිළිබදව දැඩි අප්‍රසාදය පළකරයි.
අනුරාධපුර චතුරංග

popular news
-
Ruwan Wednesday, 22 August 2018 05:09 PM
අර හැම දෙයකටම මොරදෙන හොර කොන්දොස්තරලා ටික මොකද දන්නේ නැහැ නිශ්ශබ්ද. මොදයන්සේ හැමදේකටම තප්පුලන මේ සිසුන් ටික නැත්නම් තමන්ගේ ඇඳුම් ටිකත් ගැලවෙන නිසා නිශ්ශබ්දවි ඇති සිතමි.
Reply : 0 20
Lahiru Umayangana Wednesday, 22 August 2018 06:45 PM
මේක මාර කෙළියක්නේ. පට්ට ගෝත්‍රික කතාවක් මේක. කවුරුහරි ගහගත්තම උගේ ජාතිය හොයන අමන වැඩ කරන්න එපා.
Reply : 17 0
Jayathi Soko Wednesday, 22 August 2018 10:52 PM
ගහපු කොල්ලෝ ටික අල්ලලා උන්ගේ es galawanna
Reply : 3 0
සෙනෙවි Saturday, 25 August 2018 07:24 PM
පහර දුන් අයගෙ ශිෂ්‍ය භාවය අහෝසි කර සරසවියෙන් පන්නා දැමිය යුතුයි
Reply : 0 32
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

