සරසවි සිසුන්ට ගංජා හා දුම්වැටි අලෙවි කළ සරසවි සිසුවාට රු. 410000ක දඩ
සරසවි සිසුන් අතර ගංජා සහ දුම්වැටි අළෙවි කළබවට වරද පිළිගත් රිමාන්ඩ් බාරයේ සිටි සැකකාර සරසවි සිසුවාට රුපියල් හාරලක්ෂ දසදහසක දඩයක් ගෙවන ලෙස කුලියාපිටිය මහෙස්ත්‍රාත් මිහිල් චිරන්තන සතරසිංහ මහතා ඊයේ (04) නියම කළේය.
මෙලෙස දඩ නියමවූයේ බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ වයඹ විශ්ව විද්‍යාලයේ දෙවැනි වසර ඉගනුම ලබන සිසුවෙකුටයි.
ගංජා ග්‍රෑම් 254ක් සන්තකයේ තබාගැනීම, තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වා ඇති දුම්වැටි 500ක් සන්තකයේ තබාගැනීම, දුම්කල බදු පනතේ නියෝග හා ගැසට් පත්‍රයේ සඳහන් විධාන බැහැර කරමින් අන්‍යාකාරයෙන් කටයුතු කිරීම යන චෝදනා තුන යටතේ එම දඬුවම නියම කර තිබිණ.
ඉකුත් සිකුරාදා පොලිසිය සැකකරු බී වාර්තාවක් මගින් ඉදිරිපත්කරමින් අධිකරණය හමුවේ කියා සිටියේ විශ්ව විද්‍යාලයේ විනය පාලකවරයා සිසු නේවාසිකාගාර පරීක්ෂාවට ලක් කිරීමේදී එහි රහසිගත ලෙසින් සඟවා තබා තිබූ ගංජා තොගය සිය බාරයට ගෙන පොලිසියට කළ පැමිණිල්ලක් මතින් සැකකරු අත්අඩංගුවට ගත් බවයි. ඒ අනුව තවදුරටත් විමර්ශන සිදුකරන බව පොලිසිය අධිකරණයට දැන්වූ පසු එලෙසින් සැකකරු බන්ධනාගාර ගත කෙරිණ.
පෙරේදා එම නඩුව යළි කැඳවූ අවස්ථාවේදී පොලිසිය සිදුකල විමර්ශන ප්‍රගතිය පිළිබඳව පවසමින් කරුණු දක්වා සිටියේ සැකකරු කලක පටන් එම ජාවාරම විශ්ව විද්‍යාලයේ අභ්‍යන්තර සිසුන්ට අළෙවිකරමින් සිදුකරගන ගොස් ඇති බවයි.
එහිදී ඉතා අසීරුතා රැසක් මැද කුලීවැඩ කරමින් දෙමාපියන් අධ්‍යාපනය වෙනුවෙන් වියපැහැදම් කරන මුදල්ද ඇතැම් සිසුන් මෙම සැකකරුගෙන් මත්ද්‍රව්‍ය මිලදීගැනීමට භාවිතා කරන බවත්, ඇතැම් සිසුන් තමන් සතු සියලු මුදල් මෙම සැකකරුගේ මත්ජාවාරම වෙනුවෙන් වැයකොට ඇති බවත් අධිකරණය හමුවේ කරුණු කී පොලිසිය එම නේවාසිකාගාරයේම තිබී සොයාගත් හිමිකරුවෙකු නොමැති හෑෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය ගෑම් 100කට අධික ප්‍රමාණය පිළිබඳවද විමර්ශන සිදුකරන බවද පැවසීය.
කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
