සරසවි ප්‍රවේශ අයදුම්පත් භාරගැනිම කල්යයි
රට තුළ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් 2019 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල මත 2019/2020 අධ්‍යයන වර්ෂවල විශ්ව විද්‍යාල ප්‍රවේශ සඳහා අයදුම්පත් එවිමේ දිනය අප්‍රේල් 9 වෙනි දින දක්වා දිර්ඝ කර තිබේ.
ඒ අනුව උසස් අධ්‍යාපන , තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව මඟින් දින දෙකක කාලයක් මෙලෙස දිර්ඝ කර ඇති බව එම අමාත්‍යාංශය මඟින් නිවේදනයක් නිකුත් කරමින් අද ( 17) මේ බව සඳහන් කර තිබේ.
අයදුම්පත් භාරගැනිමේ අවසන් දිනය ලෙස නම් කළ තිබුණේ මේ මස 26 වන දිනය වුවත් රටේ පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් මෙලෙස දිර්ඝ කිරිමට සිදු වු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

popular news
-
P.Malki Navoda Madhubhashini Monday, 10 August 2020 06:06 PM
Man 2019 A/L karapu student kenek eth result eddi mge eka subject ekak fail kiyla awe man re corection demma ewge result awe me agosthu mase ithn e subject eka man pass C ekak thynwa mata den campus apply karann e hinda beri wuna den man kohomda campus apply karanne
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

