විශ්ව විද්‍යාල වල නවක වදය වැළැක්වීම සඳහා සියළු විශ්ව විද්‍යාල ඒකාබද්ධ වී සකස් කළ උපදේශක මාලාව වහාම ක්‍රියාත්මක කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සලසන ලෙස අධ්‍යාපන ඇමතිවරයාට අද (09) නියෝග කළේය.
නවක වදය වැළැක්වීම සඳහා සියළු විශ්ව විද්‍යාල ඒකාබද්ධ වී සකස් කළ මාර්ගෝපදේශක මාලාවට අනුව විශ්ව විද්‍යාල වල නවකවද සිද්ධින් වැළැක්වීමේ කමිටු පිහිට විය යුතු අතර නවකවදයට ලක්වන සිසුන්ගේ පැමිණිලි භාර ගැනීම ඒවා විමර්ශනය කිරීම සකෂිකරුවන් ආරක්ෂා කිරීම මෙන්ම නවකවදයට ලක්වන සිසුන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍ය සේවාවක්ද නීතිඥ සේවාවක්ද එම කමිටුවට අනුයුක්තව ස්ථාපිත කරන ලෙසද නියම කෙරිණී.
නවක වද සිද්ධීන් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට වැඩිදුරටත් නියෝග කළේය.
නවකවදයට ලක්වී ආබාධිත තත්වයට පත්වූ ග්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පසිඳු හරිෂණ සිල්වා ශිෂ්‍යයා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය එසේ නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සෝභිත රාජකරුණා මහත්තුරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම විභාග කෙරිණී.
ග්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පසිඳු හරිෂණ සිල්වා ශිෂ්‍යයා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් සියලු විශ්ව විද්‍යාල, අධ්‍යපන ඇමැතිවරයා, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.