මාවනැල්ල උතුවන්කන්ද සරදියල් ගල නැරඹිමට පැමිණි පේරාදෙණිය සරසවියේ සිසුවියක් එම ගල් පර්වතයෙන් වැටි බරපතල තුවාල සිදු විම නිසා මිය ගිය බව මාවනැල්ල පොලිසිය කියයි.
මෙම සිදු විමෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 27 ක් වන ඇල්පිටිය ප්‍රදේශයේ තරුණක්. ඇය ඇතුලු සිසු සිසුවියන් 60 කට ආසන්න සංඛ්‍යාවක් අද උදෑසන සරදියල් ගල නැරඹිට පැමිණ ඇත්තේ පේරාදෙණියේ සිට මගී බස් රථ වලිනි.
පසුව සරදියල් ගල නැරඹිමට උතුවන්කන්දේ සිට පා ගමනින් කන්ද නැග ඇති අතර එහිදි කන්දේ ඉහල කොටසේදි මෙම අනතුර සිදු වවන්නට ඇති බව මාවනැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ලසන්ත කළුආරචිචි මහතා පැවසිය.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මෙම සිසුවිය උපාධිය ලබා සිටින නමුත් එම එම විශ්ව විද්‍යාලයේ තව දුරටත් අධ්‍යාපන කටයුත්ත
ක නිරත වන බවයි. ඒ අතරතුර සරදියල් ගල නැරඹිමටත් එහි යම් යම් අධ්‍යයන කටයුතු වලටත් මෙහි සංචාරය කරන්නට ඇති බව ඔහු පැවසිය.
මේ වන විට දේහය මාවනැල්ල මහ රෝහලේ තැන්පත් කර ඇති අතර මාවනැල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.
සමන් විජය බණ්ඩාර/ෂේන් සෙනෙවිරත්න


