මන්නාරම මුහුදු සීමාවේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි මුහුදු සීමාවට ඇතුලු වූ ශ්රී ලාංකිකයින් 19 දෙනෙකු ඊයේ (10දා) දිනයේදී ඉන්දීය නාවික හමුදාව විසින් රැඳවුම් භාරයට ගෙන තිබේ.
ය සහ මන්නාරම් ප්රදේශයන්හි පදිංචි පුද්ගලයින් 10 දෙනෙකු සහ ත්රිකුණාමලය ප්රදේශයේ පදිංචි පුද්ගලයින් 09 දෙදෙනකු යාත්රා දෙකකින් පැමිණ ඇති අතරම එම පිරිස් අතර කුඩා දරුවන් තිදෙනෙකුද සිටින බවත් එම පිරිස් මේ වන විට මණ්ඩපම් සරණාගත කඳවුරේ නවතා ඇති බවද ඉන්දීය නාවික හමුදාව මගින් පෙන්වා දෙයි.
මේ අතර පසුගිය 08 වනදා ඉන්දියාවේ ධනුෂ්කොඩි මුහුදු තීරයට තලෙයිමන්නාරමේ සිට අනවසරයෙන් ගිය පවුලකට අයත් පුද්ගලයින් 04 දෙදෙනකු තමිල්නාඩු නාවික හමුදාව විසින් රැඳවුම් භාරයට ගෙන තිබුණි.
මීට පෙර මාර්තු මාසයේදීද පුද්ගලයින් 16 දෙනෙකු ඉන්දියාවේ ධනුෂ්කොඩි මුහුදු තීරයේදී ඉන්දීය වෙරලාරක්ෂක නිලධාරීන් විසින් රැඳවුම් භාරයට ගනු ලැබීය.
ඉන්දියාවට ගිය සියලු ශ්රීලාංකිකයින් ඉන්දීය බලධාරීන්ට පවසා ඇත්තේ තමන්ට ලංකාවේ පවතින ආර්ථික තත්වය හේතුවෙන් ජීවත් වීමට නොහැකි තත්වයක් උදාවීම මත මෙලෙස ඉන්දියාවට පැමිණි බවයි.
