රුපියල් විසි පන් කෝටි පනස් ලක්ෂයක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරිකයන් සදහා වන " රක්ත මාවත " ( Red Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු 04/02 දින පස්වරුවේ ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. ඔහු රාගම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි යතුරු පැදි සයිලන්සර් අළුත්වැඩියා කරන්නෙකි .
ඔහු 04/02 දින පස්වරු 12.30 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 04 ක් තුළ තිබූ , සයිලන්සර් 16 ක් තුළ , මෙම " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 25 ග්‍රෑම් 500 ක් සගවා ගෙන තිබුණි .
මේ පිළිබද වැඩිදුර විමර්ශන සදහා මෙම පුද්ගලයා සහ ඔහු විසින් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .
