අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අහෝසි කිරීමට සියලු කටයුතු සූදානම් බව ප්‍රවාහන කළමනාකරන අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව ඊට අදාලව මේ වනවිට සියලුම පියවර ගෙන ඇති බවත්, ලබන මාසය තුළ අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අහෝසි කිරීමට හැකි බවත් අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී සෙනවිරත්න මහතා විශයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පවසා තිබේ.
මෙම බස් සේවය අහෝසි කිරීමෙන් පසුව හැකි නම් එම බස් රථ අධිවේගී මාර්ගවල අවම මිලක් යටතේ ධාවනය කිරීමට ඇති හැකියාව සම්බන්ධව සොයා බලන්නැයිද, විශේෂයෙන් දුරබැහැර සිට සේවය සඳහා පැමිණෙන කාර්යාල සේවකයින්ට ප්‍රවාහන පහසුකම් සැපයීමට එම බස් රථ යොදා ගත හැකි ද යන්නත් සොයා බලන ලෙස අමාත්‍යවරයා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දුන්නේය.