සමස්ත ජනතාවම දැඩි ආර්ථික අපහසුතාවයකට මුහුණු දී සිටින මොහොතක සිංහල හින්දු අලූත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් ඊට සමගාමීව දිවයින පුරා ඇති සමෘද්ධි බැංකු 1074 හි අවුරුදු උත්සව පැවැත්වීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි සමෘද්ධි වෘත්තීය සමිති එකමුතුවේ ජාතික සංවිධායක චාමර මද්දුමකළුගේ මහතා පවසයි.
එම තීරණයට අනූව අඩු ආදායම්ලාභී ජනතාවට සහන සැපයීමට ඇති සමෘද්ධි අරමුදලින් රු.ලක්ෂ 805 ක මුදලක් අතිශය අසීරු මොහොතක වැය කිරීමට ව්රෝධය පළ කරන බව ඔහු පවසයි.
එසේම වසර 28 ආසන්න කාලයක සිට සේවය කරන සියළු ක්ෂේත්රයන් හි සේවකයින්ට උසස් වීමක සිට ලබා දියයුතු සේවක අයිතිවාසිකම් ආණ්ඩුව ලබා නොදී මගහරිමින් සිටින බවද ජාතික සංවිධායකවරයා පවසයි.
මෙම කරුණු පදනම්ව ප්‍රශ්න විසඳාගැනීමට අදාළව ආණ්ඩුවට බලකරමින් අප්‍රේල් 15 දින සමෘද්ධි බැංකු වසා දමා නැකතට ගනුදෙනු කිරීමෙන් ඉවත්වන බවද ඔහු වැඩිදුරටත් පවසයි.