ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ඔසුසල් (ෆාමසි) නියාමනය කිරීමට කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (16) පැවති මිනුවන්ගොඩ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී නිළධාරීන්ට උපදෙස් දුන්නේය.
මතට ඇබ්බැහිවූවන් වෛද්‍ය නිර්දේශයකින් තොරව ඇතැම් ෆාමසිවලින් විවිධ ඖෂධ වර්ග මිලදී ගන්නා බවට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීවරයා හා පොලීසීය කළ ඉල්ලීමකට පිලිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය ජාවාරම හා මතට ඇබ්බැහිවූවන් ඉන් මුදවාගැනීම සඳහා දැනටමත් වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවයි.
නුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඊයේ (16) පැවති මිනුවන්ගොඩ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
"පාසල් ළමුන් මත්ද්‍රව්‍යවලින් බේරාගන්න ගම්පහ දිස්ත්‍රික්කයේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. පොලීසිය, සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල, පාසල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, අදාළ පළාත් පාලන ආයතන එකතුවෙලා කමිටුවක් පිහිටුවාගෙන පාසල් සම්බන්ධීකරණය කරන්න. පාසල් අවටිනුත් තොරතුරු ලබාගන්න. එතකොට මත්ද්‍රව්‍යයට සම්බන්ධ ළමයින් හා දෙමාපියන් හඳුනාගන්න පහසුයි. ඒවගේම අදාළ ආයතන සම්බන්ධ කරගනිමින් දිස්ත්‍රික්කයේ සියලුම ඔසුසල් (ෆාමසි) නියාමනය කිරීමේ වැඩසටහනකුත් ක්‍රියාත්මක කරන්න.
මේ වනවිට පාසල් නොයන ළමයින් නැවත පාසල් යැවීමටත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕන. එක ගමක රාජ්‍ය නිළධාරීන් අට දෙනෙක් ඉන්නවා. ඒ අය මැදිහත්වෙලා ගම්වල පාසල් නොයන දරුවන් ගැන හොයල බලන්න. ඒ වගේම ලියාපදිංචි වෙලත් පාසල් නොයන දරුවන් ගැන පාසල්වලින් වාර්තාවක් ගන්න. ළමයින් පාසල් යන්නේ නැත්තේ දුප්පත්කම නිසාද එහෙමත් නැත්නම් දෙමාපියන්ගේ නොසැලකිලිමත් බව නිසාද එහෙමත් නැත්නම් දෙමාපියන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලාද කියල හොයල බලන්න.
දුප්පත්කම නිසා ළමයින් පාසල් යන්නේ නැත්නම් අපිට පුළුවන් ඒ සඳහා මැදිහත් වෙන්න. යමක් කමක් තියෙන පවුල්වල ළමයින් පාසල් යන්නෙ නැත්නම් ඒ සඳහා වෛද්‍ය උපදෙස් ලබාදෙන්න පුළුවන්. ලිවීමට හා කියවීමට නොහැකි නිසා ළමයින් පාසල් යන්නෙ නැත්නම් එවැනි ළමයින්ට විශේෂ පංති පවත්වන්න පුළුවන්. මේ සඳහා කළාප අධ්‍යාපන අධ්‍යක්ෂකට ගොඩක් වැඩ කරන්න පුළුවන්. ඒ නිසා පාසල් නොයන ළමයින්ව පාසල් යවන්න සියලුම දෙනා එක්ට එකතුවෙලා සම්පූර්ණ විස්තර සහිතව වැඩ පිළිවෙලක් හදල වගකීම් බෙදාගෙන වැඩ කරමු. එහෙම නැතුව තනිතනිව වැඩ කරන්න අමාරුයි.
එමෙන්ම මේ දිනවල අලුතින් සමෘද්ධි ප්‍රතිලාභීන් හඳුනා ගැනීමක් සිදුකරනවා. එය සිදුකරන්නේ ග්‍රාමීය ආර්ථික කමිටු හරහායි. ඒ වැඩ පිළිවෙලට දේශපාලන අධිකාරියේ මැදිහත්වීමක් නැහැ. නමුත් ජනතාවගෙන් ලැබෙන ඉල්ලීම් මහජන නියෝජිතයන් සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ට යොමුකරාවි.
ප්‍රමුඛතා ලේඛනයක් මගින් නව ප්‍රතිලාභීන් තෝරාගැනීම සිදුකරන්න. ගමත් එක්ක ඉන්නකොට සමෘද්ධි අත්‍යාවශ්‍යම පවුල් හඳුනාගන්න පුළුවන්. අලුතින් ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේදී දේශපාලන අධිකාරියේ මැදිහත්වීමක් නැහැ. නමුත් දේශපානඥයන් විදියට අපි ජනතාවගේ පැත්තේ ඉඳගෙන කටයුතු කරනවා. නව ප්‍රතිලාභීන් තෝරාගැනීම සම්බන්ධයෙන් කවුරු ප්‍රශ්නයක් ඇහුව්වත් ඒ ගැන උත්තරයක් දෙන්න නිළධාරීන්ට පුළුවන්කම තියෙන්න ඕන. ග්‍රාමීය කමිටුවලට මහජන නියෝජිතයන් යන්න ඕන. මිනිස්සුන්ට දෙන දේවල්වලට මහජන නියෝජිතයන් මැදිහත් වෙන්න ඕන නෑ. මහජන නියෝජිතයන් වශයෙන් අපි ඉන්න ඕන මහජනතාවගේ පැත්තෙ. නිළධාරීන් වැරදියට තෝරල තිබුණොත් ඒ ගැන කතා කරන්න."