සමෘද්ධි නිවාස සංවර්ධන ලොතරැයි අරමුදල මගින් ක්රියාත්මක කරණු ලබන නිවාස වැඩසටහනට සදහා වු වියදම 2024 වර්ෂයට සාපේක්ෂව 2025 වර්ෂයේ දි සියයට 81කින් පමණ අඩුවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
2024 වර්ෂයේ දි නිවාස 1,377ක් ඉදිකිරිම සදහා රුපියල් හැටහයකෝටි,විසිහයලක්ෂයක (662,600.000) මුදලක් වැයකොට තිබුණි.එහෙත් 2025 වර්ෂයේ දි නිවාස 918ක් සදහා වැයකොට ඇත්තේ රුපියල් දොළොස්කොටි තිස්ලක්ෂ,පනස්දහසක මුදලකි. (123,050,000)
මෙකි නිවාස වැඩසටහනට අදාළ චක්රලේඛය 2025 වර්ෂයේ අගෝස්තු මාසයේ දි නිකුත් කිරිම හා ප්රතිපාදන නොවැම්බර් හා දෙසැම්බර් යන මාසවලදි නිදහස් කිරිම හේතුවෙන් 2025 වර්ෂය තුල මෙකි නිවාස වැඩසටහන ක්රියාත්මක කිරිම සිමා වි තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.