සමෘද්ධියේ විනය දඬුවම්වල ලිහිලෙන් රුපියල් කෝටි 50 ක මූල්‍ය වංචා සිදුවෙලා
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව තුසිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා අවස්ථා 180 කට අදාළව රුපියල් මිලියන 498.7 ක මූල්‍ය වංචාවන් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
මේ අතරින් 2014 සිට 2018 අතර බැංකු හා බැංකු සමිතිවල සිදුවූ අක්‍රමිකතා 15 කට අදාළව රුපියල් මිලියන 263.8 ක මූල්‍ය අක්රමිකතාවයන් පිළිබඳව සහ 2019 සිට 2023 තෙක් දෙපාර්තමේන්තුවේ වංචා විමර්ශන අංශයට වාර්තාවී තිබූ මූල්‍ය අක්‍රමිකතා අවස්ථා 165 කින් සිදුවූ රුපියල් මිලියන 234.9 ක මූල්‍ය වංචාවලින් රුපියල් මිලියන 218.4 කට අදාළ මූල්‍ය වංචා 98 ක විනය කටයුතුද තවමත් අවසන් වී නැතැයිද ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි.
මෙම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දිගින් දිගටම මෙසේ මූල්‍ය වංචාවන් සිදු කිරීමට බැංකු පද්ධතිය තුළ පවතින අඩුපාඩු හා විනය නියෝග තුළින් දඬුවම් ලිහිල් වීමද හේතුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි.
ජාතික විගණන කාර්යාලය මගින් නොබෝදා නිකුත් කළ 2023 වාර්ෂික විගණකාධිපති වාර්තාවේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සම්බන්ධ විගණන නිරීක්ෂණ මගින් මෙම තොරතුරු අනාවරණය කර තිබේ.
ජේ.ඉඳුරුවගේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

